හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන්ගේ සේවය අත්හිටුවා ඇති බවට පැවැසෙන වාර්තා පදනම් විරහිත බව පවසන ශ්‍රී ලංකා වරාය අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එසේම සේවකයන්ගේ නොවැම්බර් මස වැටුපද මේ වන විට ගෙවා ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
නිවේදනය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය (වරාය අධිකාරිය) මාගම්පුර පෝට් මැනේජ්මන්ට් කම්පැනි (පෞද්.) සමාගම (MPMC)සහ මාගම්පුර වරාය සම්බන්ධයෙන් පළවී ඇති අසත්‍ය, නොමග යවනසුලු වාර්තා කිහිපයක් හා දෝෂ සහිතඅනුමානයන් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවී තිබේ.
MPMC සමාගමෙහි සේවකයන්ගේ සේවය අවසන් කර ඇති බවට කෙරෙන චෝදනා මුළුමනින්ම අසත්‍ය වන අතර, වරාය අධිකාරිය එය තරයේ ප්‍රතික්ෂේප කරයි. සමහර සේවකයන් MPMC සමාගමේ පරිපාලන කටයුතු කඩාකප්පල්කි රීම තුළින් ගෙවීම් ප්‍රමාද කිරීමට කරන ලද උත්සාහයන්ද නොතකා සියලු සේවකයන්ගේ නොවැම්බර් මස සඳහා වැටුප් දැනටමත් ගෙවා ඇත.
අප දැනුවත් පරිදි නැවත දැනුම් දෙන තෙක් /නීත්‍යනූකූලව ඉදිරි පියවර ගන්නා තෙක්එ ලෙස වැටුප් අඛණ්ඩව ගෙවීමට MPMC සමාගම කටයුතු කරනු ඇත. MPMC සමාගම පැහැදිලි ලෙසම සහනැවත නැවතත් මෙම කරුණු පිළිබඳ සේවකයන්ට සහතික වී ඇති නමුත්, ඔවුන්ම පමණක් දන්නා හේතූන් මතමාගම්පුර වරායේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ සාමාන්‍ය නීතිය හා සාමය පවත්වාගෙන යෑමට ගැටලුකාරි තත්ත්වයක්ඇතිකරමින් සේවකයෝ අඛණ්ඩව නීතිවිරෝධී ක්‍රියාවන්හි නිතරව සිටිති.
MPMC සමාගමේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමෙන් පසු එහි සේවකයන්ට හිමිවිය යුතු සහන කවරේදැයි තීරණයකිරීම සඳහා කාර්මික අධිකරණය හමුවේ දැනට නඩු කටයුත්තක් විභාග වෙමින් පවතී.
වරාය අධිකාරිය සහ MPMCසමාගම එහි නීති කටයුතු සඳහා අඛණ්ඩව සහභාගි වනු ඇත.නීතියෙන් නියම කර ඇති ප්‍රමාණයට වඩා ඉතා ඉහළවන්දි ගෙවීමක් යෝජනා කෙරෙන ස්වේච්ඡාවෙන් සේවකයන් ඉල්ලා අස්වීමේ යෝජනා ක්‍රමයත් MPMC සමාගමවිසින් සියලු සේවකයන් වෙත අර්පනය කර ඇති අතර, එහි සේවකයන් කණ්ඩායමක් දැනටමත් එය පිළිගෙන ඇත.
පොදුවේ සියලු දෙනා දැනුවත් පරිදි මාගම්පුර වරාය එහි වර්තමාන තත්ත්වය අනුව ආර්ථික වශයෙන් එයඅසාර්ථක වන අතර, එහි ණය බර හා ණය ආපසු ගෙවීමේ පිරිවැය රජය මත පැටවී ඇත. එහෙයින් රාජ්යණය බර අවම කරගැනීමට සහ මාගම්පුර වරාය ආර්ථික වශයෙන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍යවී ඇති ආයෝජනයන් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කරණයන් තුළින් සපයා ගැනීමට රජය ප්රතිපත්තිමයතීරණයකට එළැඹෙන ලදී. මේ වනවිට ප්‍රධාන වශයෙන්ම කොළඹ වරායෙන් යොමුකරන ලද ව්යාපාරිකඅවස්ථාවන් මත යැපෙමින් සහ දේශීය බැංකු වෙත අධික ණය බරක් ගෙවමින් සිටින MPMC සමාගමමෙම ක්‍රියාවලිය සඳහා මාගම්පුර වරාය නැවතත් වරාය අධිකාරිය වෙත පැවරිය යුතු විය.
MPMC සමාගම 2017 නොවැම්බර් 30වැනිදා සිට සිය සේවකයන්ට සේවයට වාර්තා නොකරන ලෙසදැනුම් දෙනු ලැබුවේ ඉහත සඳහන් පසුබිම තුළදීය. සේවකයන්ට පැවැරීමට කිසිදු කාර්යයක් MPMCසමාගමට නොතිබුණේ වුවද, ඉහත සඳහන් පරිදි අඛණ්ඩව සේවකයන්ට ඔවුන්ගේ වැටුප් ගෙවන බවටසහතික වන ලදී.
එහෙයින් වරාය අධිකාරිය සහ/හෝ MPMC සමාගම නීතියට පටහැණිව කටයුතුකර ඇති බවට සිදුකර ඇති ප්‍රකාශයන් මුළුමනින්ම අසත්‍ය හා චේතනාන්විතව නොමග යවන සුලුවේ. අවසානයේදී සියල්ලන්ගේම සැලකිල්ලට භාජනය විය යුතු පුළුල් ජාතික ආර්ථික යහපත පිළිබඳඅවධානයෙන් යුතුව MPMC සමාගමේ සේවකයන්ගේ ගැටලු සඳහා සාධාරණ විසඳුමක් කරා ළඟාවීමටවරාය අධිකාරිය අඛණ්ඩව කටයුතු කරනු ඇත.