හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ මීළඟ අගමැතිවරයා බවට පත්වෙන්නේ නම් එය කිසිසේත්ම පෑල දොරින් සිදුනොවන බවත් එය ජනතා ඡන්දයෙන් සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයකට සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
"මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වෙන්නේ නම් එය ඔබ (මංගල සමරවීර) කියන ආකාරයෙන් පෑල දොරින් සිදුවෙන්නේ නෑ. ඔහු අනිවාර්යනේම (බලයට) එන්නෙත් ආවෙත් ජනතා ඡන්දයෙනි. ඔබ ඔහු ගැන හොඳින්ම දන්නවා. ඡන්ද පොරොන්දු ඉටු කරනවා වෙනුවට ඇයි මෙවැනි බාල දේශපාලනයක නිරත වෙන්නේ?"
