මහින්ද රාජපක්ෂ බලයට පත්වුවහොත් රජයේ සේවකයින්ගේ අවම වැටපු රුපියල් හයදහසකින් කපා දමන්නනට සුදානම් වනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අක්මිමන දි කියා සිටියේය. අක්මිමන තලගහ මංසන්දියේ පැවති ප්රචාරක රැළිය අමතමින් අගමැතිවරයා මේ බව සදහන් කළේය.
“ගාල්ලට ඇවිත් මහින්ද රාජපක්ෂ කියලා තිබුණා රජයේ සේවකයින්ගේ අවම වැටපු රුපියල් 25000ක් කරනවා කියලා. . අපි ක්‍රියා කරන්නේ ජනතාවගේ අදායම වැඩි කරන මාර්ග ඇති කිරිමටයි. නමුත් රාජපක්ෂ හදන්නේ ජනතාවගේ ආදායම අඩු කරන්නයි. නුපුහුනු කම්කරුවකුගේ මුලික වැටුප රුපියල් 11730යි විශේෂ දිමනාව රුපියල් දසදහසක් දෙනවා ජිවන වියදම් දිමනාව රුපියල් 7800යි. විශේෂ දිමනා රුපියල්2500යි මේවා එකතු කළ විට රුපියල් 32000ක් ලැබෙනවා නමුත් විශ්‍රාම වැටුප් අනත්දරුක්රමයට කැපුවිට රුපියල් 31000ක මුදලක් ගෙදර ගෙනියන්න පුළුවන් අවම වැටුප රුපියල් 31000යි නමුත් දැන් මහින්ද රාජපක්ෂ හදන්නේ අවම වැටුප රුපියල් 25000ක් කරලා පඩිය රුපියල් 6000කින් අඩු කරන්නයි"
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්