මහින්දට ජනවාරියේ බලය ගන්න බැරිවුණා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි මාසයේදි ආණ්ඩු බලය ලබාගන්නා බවට ප්රකාශ කළත් එය කිරීමට නොහැකි වූ බවත් දැන් එය ඉදිරියේදි කරන බවට පවසන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය. අනුරාධපුරයේදී අද (28දා) පැවැති ජන රැළියක් අමතමින් අග්රාමාත්යවරයා මේ බව පැවැසීය.
හිටපු ජනපතිවරයාට බලය ලබා ගැනීමට ඉඩ දි තමන් සතියක කාලයක් විදේශ ගතවූ බවත් එහෙත් එය සිදු කිරිමට නොහැකි වූ බවත් අගමැතිවරයා සඳහන් කළේය.
එසේම ඉදිරියේදි කාටවත් නැටීමට ඉඩ නොදෙන බවත් එයට පිළිතුරු දීමට එක්සත් ජාතික පක්ෂය ප්රතිසංවිධානය කිරීම මහ ලේකම්වරයාට මෙන්ම සභාපතිවරයාට උපදෙස් දුන් බවත් ඔහු මෙහිදී පැවැසීය.
මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකාවේ ආර්ථිකය විනාශ කළ බවත් රටේ ආර්ථිකය තිබුණේ හදිසි ප්රතිකාර ඒකකයේ බවත් ඔහු පැවැසීය. තමා මෙන්ම ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එම ආර්ථිකය ගොඩ ගැනීමේ වගකීම බාර ගත් බවත් ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
