ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානය සමග එකතුවීමේ අවස්ථාව තිබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (27දා) පැවසීය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ගම්මන්පිල මහතා,
“ එසේ වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතුවීමට ඒකාබද්ධ විපක්ෂය කිසිදු අවස්ථායක සූදානම් නැහැ. පසුගිය මහමැතිවරණයේදී ලැබූ පාඩම් ඉගෙන ගෙන ඉදිරි දේශපාලන කටයුතු සිදු කරනවා බවත්. රෑ වැටුණු වළේ දවල් වැටීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැහැ.’’ යැයි ද පවසා සිටියේය.