අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොතැබූවද අනිද්දා (04 දා) පැවැත්වෙන විශ්වාසභංග ඡන්ද විමසීමේදී අනිවාර්යයෙන් සිය ඡන්දය ප්‍රකාශය කරනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී අද (02 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන පිළිබඳව ‘සිඟිති ආතල්’ ගන්නා පුද්ගලයන් කලබල නොවී ඡන්ද විමසීම දෙස බලා සිටිය යුතු බවයි.