හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (09දා) ඉදිරිපත්විය.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් ගාමිණී සෙනරත් මහතාට විරුද්ධව පවත්වන පරීක්ෂණයකට අදාළව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් වී තිබේ.
අද (09) දිනයේදී අධිකරණයට භාරවීමට තමන් සූදානමින් සිටින බව පසුගිය 06 වනදා නඩුව කැඳවු අවස්ථාවේදී නීතිඥවරයෙකු මාර්ගයෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීය.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය මොහුට විරුද්ධව පරීක්ෂණ සිදු කරයි.