දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී නාරා චන්ද්‍රබාබු නයිදු මහතා සහ ප්‍රාන්ත ඇමතිවරු සිව්දෙනෙකු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී ඇමති චම්පික රණවක,නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ප්රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් අද (08) මුණ ගැසිණු.
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ඉදිකෙරෙන ‘අමරාවතී’ මහා නගරයේ නාගරික සැලසුම්, විධික්රම, නව තාක්ෂණික දැනුම සහ අත්දැකීම්, ශ්‍රී ලංකාවේ මහානගර වැඩපිළිවෙල සාර්ථකව ඉටු කර ගැනීම සඳහා ලබාදෙන බවට ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී නාරා චන්ද්‍රබාබු නයිදු මහතා මෙහිදී එකගත්වය ප්‍රකාශ කළේය.