මාධ්‍ය ක්ෂේත්රය පිළිබඳව හසළ දැනුමක් ඇති ධවල ශ්‍රී මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න මහතාට ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සම්මානයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ඔහුට ආසියානු සන්නිවේදන සම්මානය හිමිවීමට නියමිතය.
අනිද්දා ( 27දා) පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන එම මධ්‍යස්ථානයේ 25 වැනි වාර්ෂික සමුළුවේදී ඔහුට මෙම සම්මානය පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
ජනමාධ්‍ය සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න මහතා ලෝකයේ රටවල් කිහිපයකම සේවය කර ඇති විද්වතෙකි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ෂෙල්ටන් ගුණරත්න මහතා මේ වන විට ඇමෙරිකාවේ පදිංචිව සිටියි.
ඔහු මාධ්‍ය ක්ෂේත්රයේදී බුදු දහම භාවිතයට ගත හැකි අයුරු පිළිබඳව ලිපි කිහිපයක්ද නිර්මාණය කර ඇති අතර ඔහු විසින් රචනා කර ඇති ග්රන්ථ රාශියක් ද වෙයි.
කෙසේ වෙතත් මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න මහතාගෙන් ශ්‍රී ලංකාව සේවයක් ලබාගත්තේදැයි යන්න ප්රශ්නකාරී තත්ත්වයකි.