මහවිරු සැමරුම් සිදු කළ පිරිස් අත්අඩංගුවට ගන්නා බවට රජය විසින් සිදු කළ ප්‍රකාශ ක්‍රියාත්මක නොවෙනු ඇති බවට විශ්වාශයෙන් පසු වන බවට උතුරු මහඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.
යාපනයේදී ඊයේ (29දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,
"මහවිරු වලට සම්බන්ධ පුදගලයන් අත්අඩංගුවට ගන්නවා කියලා ප්‍රකාශ කර තියනවා. නමුත් ඊට විරුද්ධව මොකුත් කරන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මොකද මෙවැනි රැස්වීම් පැවත්වීමට රජය ඉඩ ලබාදී තියනවා.
නැතිනම් රජපක්ෂ ආණ්ඩු සමයේදී මෙවැනි රැස්වීම්වලට තහනම් පැනවූවා වගේ තහනමක් පනවන්න තිබුණා. එලෙස තහනමක් නිකුත් නොකොට ඒ අයට සමරන්න දීලා දැන් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ද පවසා සිටියේය.