උතුරේදී එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් සැමරීම පිළිබඳව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පවත්වන බවත් වැරදි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
බියගමදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ ඒ ගැන ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒක නීතිවිරෝධී වැඩක්. එල්.ටී.ටී.ඊ.ය කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක්. එය තහනම් කරපු කණ්ඩායමක්.
ප්රභාකරන්ගේ පෝස්ටර් අලවා තිබෙනවා නම්, කේක් කපා තිබෙනවා නම් ත්‍රස්ත විමර්ශන ඒකකයට අපි කියා තිබෙන්නේ මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඉන් අනතුරුව අවශ්‍ය පිරිස අත්අඩංගුවට ගන්නවා.
දකුණු ඉන්දියාවේ තිබුණ වැඩක පෝස්ටර් තමයි මේක උතුරේ වුණා කියා ෆේස්බුක් දාලා තිබුණේ. අපි මේ ගැන පසුගිය අවුරුදුවලත් විමර්ශනය කළා.” යැයිද පවසා සිටියේය.