මහනුවර නගරාධිපති මහේන් රත්වත්තේ මහතා රාත්රී සාදයකට සහභාගි වී ආපසු යමින් සිටියදී රතු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් නගරාධිපතිවරයාගේ රථය හරස්කොට නවතා නගරාධිපති ආරක්ෂකයෙකු අත තිබූ නිල පිස්තෝලය පැහැරගෙන ගිය බවට මහනුවර පොලීසියට පැමිණිලි කර තිබේ. නගරාධිපතිවරයාගේ ආරක්ෂකයෙකු වන රන්හොටිගෙදර නන්දන සමන්කුමාර යන අය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර තිබේ.
මහනුවර දෙවැනි රාජසිංහ මාවතේ හෝටලයක පැවැති සාදයක් අවසන් වී ඊයේ (31දා) අලුයම 1.00 ට පමණ නගරාධිපතිවරයා ආපසු නිවෙස බලා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණපා තිබේ.