මහනුවර ගුඞ්ෂෙඞ් බස්නැවතුම ආශ්‍රිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම මූලික අදියරේ පවතින බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය කියයි.
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය රුපියල් මිලියන 6000 ක වියදමින් ඉදිකරන බවත් එහි ඉදිකිරීම් කටයුතු 2020 දෙසැම්බර් මාසය වන විට නිම කිරීමට යෝජිත බවත් අමාත්‍යාංශය පවසයි
මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය බස් රථ සහ දුම්රිය පර්යන්තයකින්, කඩ සාප්පු සහ වෙළඳ සංකීර්ණයකින්, පෞද්ගලික රථවාහන ඇතුළු සියළු රථවාහන නැවතුම් පහසුකම් සහිතව ඉදිකරනු ලබයි. මහනුවර පවතින දැඩි රථ වාහන තදබදයට ප්රමුඛ විසඳුමක් ලෙස මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවේ.