මහනුවර, රත්නපුර මෙන්ම මධ්‍යම කඳුකරයට මේ වන විට මිලි මීටර් 100ක ඉක්මවූ දැඩි වර්ෂාපතනයක් ඇති වෙමින් පවතී. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල සිටින ජනතාවට නාය යෑම් පිළිබඳව අවධානයෙන් පසුවෙන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර මහනුවරට ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස 200ක් පමණ ජලයෙන් යටවී තිබේ.