බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරතුංග මහත්මිය අද (10දා) උදෑසන කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇතැයි වාර්තා වෙයි.
විපක්ෂ නායක කාර්යාලය අසල පිහිටි ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට සහභාගිවීමට උදෑසන 6.30 ට පමණ මන්ත්‍රීවරිය පැමිණ තිබේ.
එහිදී ඇය විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇත්තේ වැරදීමකින් වන අතර, පසුව ප්‍රධාන අමාත්‍ය නිල නිවස වෙත ගොස් ඇත.
ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ පැවැති රැස්වීමේදී මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද විමසා ඇති අතර, එහිදී මල්ෂා කුමාරතුංග පවසා ඇත්තේ වැරදීමකින් විපක්ෂ නායක කාර්යාලයට ගිය බවයි.