කන්කසන්තුරය මයිලිඩි ප්රදේශයේ පාලු ළිඳක තිබූ ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් ඊයේ (25දා) සොයාගත් බව කසන්කසන්තුරය පොලීසිය පවසයි.
එම ප්රදේශයේ නැවත පදිංචියට පැමිණි වැසියෙකු විසින් තමන්ට අයත් පැරණි ළිඳක් පිරිසුදු කිරීමේදී අදාළ උණ්ඩ පෙට්ටි හමුවී ඇත.
ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව උණ්ඩ සහිත පෙට්ටි තොගය ගොඩ ගෙන තිබේ.
ඒවා තුළ යානා නාශක උණ්ඩ 5700 ක් තිබූ බවද පොලීසිය පවසයි.
මෙම උණ්ඩ යුද සමයේදී ගුවන් හමුදාවේ ගුවන් යානාවලට පහරදීමට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ගෙන ආ ඒවා බවට සැකකරන බවද පොලීසිය පවසයි.
කසන්කසන්තුරය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.