මන්නාරමේ සූර්යබල උද්‍යානයට ඇමැති රිෂාද්ගේ විරෝධය
විදුලිබල අවශ්‍යතාව සඳහා මෙගාවොට් 100ක සූර්ය බල උද්‍යානයක් මන්නාරමේ ඉදිකිරීමට විදුලිබල අමාත්‍යාංශ ගෙනා යෝජනාවකට ඇමැති රිෂාද් බද්යුදීන් මහතා කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළකර ඇතැයි වාර්තාවේ.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මන්නාරමේ පරිසරයට හානි වන බවත්, ආගමික නායකයන්ද ව්‍යාපෘතියට විරුද්ධ බවත් බද්යුදීන් ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
විදුලිබල හා බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා නොසිටි බැවින්, වැඩබලන විදුලිබල ඇමැතිවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතා අදාළ ව්‍යාපෘති යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.
ඊට දැඩි විරෝධය පළකර ඇති රිෂාද් බද්යුදීන් මහතා මෙය අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍ය යැයි ප්‍රකාශ කර ඇත.
පාඨලී චම්පික රණවක, ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකු රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ අදහසට විරෝධය පළකර ඇති බවද වාර්තා වේ.
අජන්ත කුමාර අගලකඩ (ඉරිදා ලංකාදීප)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


