සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා මාධ්‍යට කළ ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්තිනාමට අපහාස වී ඇතැයිද ඒ හේතුවෙන් රුපියල් මිලියන 425ක වන්දියක් ගෙවන ලෙසද ඉල්ලමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය මන්ත්‍රීවරයාට එන්තරවාසියක් යොමුකර තිබේ.
මන්ත්‍රීවරයා පැවැත්වූ පුවත්පත් සම්මුඛ සාකඡාවාකදී විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීමෙන් රුපියල් මිලියන 1500ක මුදලක් අමාත්‍යවරිය වංචා කළැයි පවසා ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස එම එන්තරවාසියේ සඳහන්ව ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.