ඊයේ (28දා) රාත්රියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ නියුතුව සිටි කොස්තාපල්වරයකුට බීමතින් පැමිණි පුද්ගලයකු පහර දී තිබේ. දංකොටුවේ පිහිටි මන්ත්රී අරුන්දික මහතාගේ නිවසට පැමිණ මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වේ.
කොස්තාපල්වරයා රාජකාරියේ නියුතුව සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු කොස්තාපල්වරයා සමග බහින්බස් වීමකට පැටලී තිබෙන අතර පහර දුන් පුද්ගලයා පලා ගොස් තිබේ.දංකොටුව පොලීසිය මගින් පහර දුන් පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර කොස්තාපල්වරයා දංකොටුව දිසා රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබයි.