මන්ත්‍රීවරුන් සියලු දෙනාට පාර්ලිමේන්තු සභාගර්භයේදී පරිහරණය සඳහා ලැප්ටොප් පරිගණක ලබාදීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ
චීන රජයෙන් සිදුකරන පරිත්‍යාගයක් ලෙස කථානායක කරු ජයසූරිය මහතාට ලැප්ටොප් පරිගණක 265 ක් ලබාදී ඇත. එම පරිගණකයක මිල රුපියල් 140,000 ක් පමණ වන බව පැවසේ.
මෙම සිකුරාදා (04දා) විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට ප්‍රථම මන්ත්‍රීවරුන්ගේ ආසන ඉදිරියේ ලැප්ටොප් පරිගණක ස්ථානගතකිරීමට නියමිත අතර, අන්තර්ජාල ඇතුළු සියලු පහසුකම් මේ වෙත ලබාදීමට නියමිතය.
එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන ලිපිලේඛන සියල්ල සංයුක්ත තැටි ලෙස ලබාදීමට අදහස් කර ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක් සිකුරදා(04දා) පැවැත්වීමට නියමිතව තිබේ.