ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළු වී රජයේ නිලධාරීන්ට බලපෑම් කරමින් රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට වරදකරු වූ මධ්‍යම පළාත් සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ මහින්ද අබේකෝන් මහතාට මහනුවර මහ අධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (30දා)වසර 2 ½ ක සිරදඬුවම් නියම කළාය.
2001 වසරේ දෙසැම්බර් මස 02 වැනිදින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ගලහ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වී එහි රජයේ නිලධාරීන්ට බලපෑම් කරමින් රාජකාරියට බාධා කිරීම් ඇතුළු චෝදනා කිහිපයක් සභාපතිවරයාට එරෙහිව රජයේ නීතිපතිවරයා විසින් මහාධිකරණයේ ගොනුකර තිබිණි.