පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය මගින් අද (11දා) සැකපිට ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති හා මධ්‍යම පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය සහ හින්දු සංස්කෘතික අමාත්‍ය එම්.රාමේෂ්වරන් මහතා ඇතුළු ලංකා එම කොංග්‍රසයේ ආධාරකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එස්.සරවනාරාජා මහතා නියම කළේය.
එම්.රාමේෂ්වරන්, වෙල්ලයාන් දිනේෂ්, එම්.පිච්චමුර්තු සහ එස්. බාස්කරන් යන අය මෙසේ ඇප මත මුදාහැරුණි.
මෙම සැකකරුවන් පසුගිය (07දා) මස්කෙළිය ගවරවිල වතුයායේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී සිටියදී අමාත්‍ය පලනි දගමිබරමි මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවෙකුට පහර දී තුවාල සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අද (11දා) මස්කෙළිය පොලීසියට භාර වී තිබුණි.