මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී කුලුනු මත ඉදිකිරීමට හා පස් පුරවා ඉදිකිරීමට වැය වන වියදම් පිළිබඳව මනාව අධ්‍යනයක් සිදු කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එහි සභාපති එන්.ආර්.සූරියආරච්චි මහතා අද (27දා) මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
එසේම මෙම මාර්ගය ඉදිකරන්නේ රටට දරාගත හැකි ප්රශස්ත පිරිවැයක් යටතේ බවත් ඒ පිළිබඳව අවබෝධයක් නොමැති පිරිස් සාවද්‍ය මතයක් ජනතාව තුළ ඇති කිරීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ දැක්වෙයි.
එසේම මධ්‍යම අධිවේගී මාර්ගය නිර්මාණ සැලසුම් කළ කණ්ඩායම්වලට වඩා විෂය ක්ෂේත්රය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති අය සිටී නම් ඒ පිළිබඳ අධ්‍යනයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.;