තෙදින ඩෙංගු මදුරු මර්දර්න වැඩසටහන යටතේ පරීක්ෂාවට ලක් කළ පාසල් 962 න්, පාසල් 116 ක මදුරු කීටයින් හමු වී තිබෙන අතර පාසල් 160 කට නොතීසි නිකුත් කර පාසල් 12 කට නඩු පැවරීමට පියවර ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
දිනෙන් දින වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා නව පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථම පසුගිය 26 වැනි දා සිට 29 වැනි දා දක්වා තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කාළේය.
මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසහනට අදාළව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ සමස්ත වාර්තාවට අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රීක්කවල පරිශ්‍ර 62,525 ක් පරීක්ෂා කරන ලද අතර, එහිදී මදුරු කීටයින් සහිත පරිශ්‍ර 607 ක්, හඳුනා ගැණිනි.