මත්ස්‍ය අපනයෙන් මිලියන 25037ක අදායමක්
2017 වසරේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අපනයනය මෙට්‍රික් ටොන් 16,341 වන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 25,307ක් වන බවත්, ඒ අනුව 2016 වසරට සාපේක්ෂව මෙවර සමස්ත මත්ස්‍ය අපනයන ආදායම 44%කින් ඉහළ ගොස් ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ මෙම වර්ෂයේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 389,000ක් වන බවයි. ඉන් මෙට්‍රික් ටොන් 335,750ක් කරදිය ධීවර කර්මාන්තයෙන් වන අතර, මිරිදිය ධීවර කර්මාන්තයේ සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 53,750ක් වන බවද සඳහන් වේ.
මේ අතර මත්ස්‍ය සම්පත සීමාවකින් තොරව නෙළා ගැනීම අවම කිරීම, මත්ස්‍ය අභිජනන භූමි විනාශය වැළැක්වීම, මත්ස්‍ය සම්පත නිකරුණේ විනාශ වීම වැළැක්වීම හා මත්ස්‍ය සම්පත නිසි පරිදි කළමනාකරණය කිරීම යනාදී කරුණු මෙන්ම, වර්තමානයේ මත්ස්‍ය සම්පත විනාශ වීමට බලපාන වෙනත් කාරණාවන් කෙරෙහි අවධානය යොමුකරමින් අද (21දා) දිනයට යෙදෙන ලෝක ධීවර දිනය ලොව පුරා රටවල් විසින් සමරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


