මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිස් නිලධාරීන් බිය වද්දලා
මහියංගනය, දොඩම්වත්ත ප්‍රදේශයේ මත් කුඩු ජාවාරම් කටයුතු සිදු කරගෙන නිවසක් වැටලීමට යාමේදී නිවෙස් හිමි කාන්තාව පොලීසිය බියවැද්දීමට ගිනි තබා ගැනීමට උත්සාහ කළ බව මහියංගනය පොලීසිය පවසයි.
එහිදී නිවෙස් හිමි කාන්තාවගේ දියණියගේ කාමරයේ තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 95ක් හා ගංජා ග්‍රෑම් 250ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
වැටලීම සිදුවන අවස්ථාවේ නිවෙස් හිමි කාන්තාවගේ දියණිය තම සිඟිති දරුවාද සමග පලාගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ නිවෙසේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අත්අඩංගුවටගත් සැකකරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් නාලක වීරසිංහ මහතා විසින් ඔහු මේ මස 29දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබ තිබේ.
මහියංගණ - රංජිත් කරුණාවිර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

