මත්ද්‍රව්‍ය (මත්පැන් හැර) භාවිත කර රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය තත්ත්වයක් නොමැති බවත් එසේ රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති නොමැති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මෝටර් රථ ආඥා පනතට අනුව මත්පැන් භාවිත කර රිය පදවන්නන්ට එරෙහිව ගත හැකි නීතිමය තත්ත්වයන් පෙන්වා දී තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන විට කංසා, හෙරෝයින්, කේරළ ගංජා, මත්පෙති වැනි ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පිරිසට නීතිමය පියවර ගැනීමට නීති සකස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බවද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.