නීති විරෝධී හෙන්සි මත් කුඩු අඩංගු ටින් 100ක් ඊයේ (20දා) රාත්රියේ සැකකරුවෙකු සමග බගවන්තලාව නගරයේදී අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය සඳහන් කර සිටියේය.
මෙම නීති විරෝධි හෙන්සි මත් කුඩු තොගය ප්රදේශයේ පාසල් ළමයින් ඉලක්ක කරගෙන අලෙවි කිරිමට රැගෙනවිත් ඇති බවට සැක කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර මෙම මස (25දා) හැටන් අධිකරණයට පමුණුවන බවත් බගවන්තලාව පොලීසිය සඳහන් කර සිටියේය.
සිදුවීම සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.