මඩකලපුව කරඳියනාරු ප්රදේශයේ අනවසර වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය හා වැලි ජාවාරම්කරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
තත්ත්වය පාලනය කිරිම සඳහා පොලීසිය අහසට වෙඩි තැබීමට සිදුවිය. මෙහිදී පළා ගිය සැකකරුවෙකු දියේ ගිලී මිය ගියේය. වැලි ජාවාරම්කරුවන් පසුව පොලිස් විශෙෂ කාර්ය බළකායේ නිලධාරියෙකු සිය ග්රහණයේ තබා ගැනිමට කටයුතු කළේය.
නමුත් පොලිස් විශේෂ කාර්ය බළකාය පසුව කරනු ලැබූ මෙහෙයුමකින් ජාවාරම්කරුවන් ග්රහණයේ සිටි නිලධාරියා බේරා ගැනීමට කටයුතු කළේය. ඔහ මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.