මගේ සහෝදරයන් දේශපාලනයට ගෙනාවේ මැතිනියයි
තම සහෝදරයන් දේශපාලනයට ගෙනාවේ තමන් නොවන බවත්, ඒ අය හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් දේශපාලනයට ගෙන ආ අය බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
නාවලපිටියේ ඊයේ (14දා) පැවැති ජන රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනපති මහින්ද රජපක්ෂ මහතා සඳහන් කළේ තමන් තවමත් මැතිනියට ගරු කරන බවයි.
“මම දේශපාලනයට ගෙනාපු එකම සහෝදරයෙක්වත් නෑ. මගේ ඉඳන්ම ගෙනාවෙ බණ්ඩාරනායක මැතිනිය. මට කතා කළෙත් බණ්ඩාරනායක මැතිනිය. චමල් රාජපක්ෂ කතානායකතුමාට එදා කතා කරලා එන්න කිවුවා, එතුමා බෑ කිවුවා. එදා බෑ කිවුවම මට දුන්නා. ඊට පස්සෙ මැතිනිය ආපහු එන්න කියලා කිවුවා. ඒ පාර අතුරු මැතිවරණයට එතුමා රස්සාව අතහැරලා ආවා.
බැසිල් පක්ෂයේ උපලේකම්. මට ඡන්ද 27 යි, බැසිල්ට ඡන්ද 97 යි. එහෙම තමයි එයා ආවෙ. 77 දී එයාට (බැසිල් රාජපක්ෂ) මුල්කිරිගල ආසනය දුන්නා. මැතිනිය දුන්නේ මම නෙමෙයි. කෙළින්ම මැතිනිය එන්න කියලා බැසිල් උඹ තරග කරපන් කියලා කිවුවා.
ඉතින් ඒකනෙ අපි අපේ ගෞරවය අදත් මැතිනියට තියෙන්නේ. ඒක හින්දා තමයි අපි ගරු කරන්නෙ. අපට ඉතිහාසය අමතක නෑ. බණ්ඩාරනායක මහත්තයා එක්ක ඩී.ඒ. රාජපක්ෂ විපක්ෂයට ගියා. මම ගෙනාවේ එක්කෙනයි. ඒ ගෝඨාභය. යුද්ධෙ නිසා මට විශ්වාසවන්ත මනුස්සයෙක් ඉන්න ඕන මගේ ගාව. එයා හමුදාවේ හිටපු නිලධාරියෙක්. ඒක හින්දා මම බය නැතුව ගෙනාවා හමුදාව ගැන දන්න නිසා. ආරක්ෂාව ගැන අවබෝධයක් තියෙන නිසා. එච්චරයි මම ගෙනාවෙ. එයා ගැන මම කියන්න යන්නෙ නෑ. එයා ගැන ඔබලා දන්නවා* යැයි ජනපතිවරයා පැවසීය.
තව ටික දවසකින් නාවලපිටියේ සිට කොළඹට පැය එකයි කාලකින් ළඟාවිය හැකි බවත්, රථවාහන පොලීසියට රුපියල් 1000 ක දඩයක් ගෙවීමෙන් පැයකින් පමණ පැමිණිය හැකි බවත් පැවසූ මහින්ද රාජපක්ෂ මහතා තමන් එම දඩය ඉදිරියේදී වැඩි කිරීමට සිතමින් සිටින බවද පැවසීය.
&අද කොළඹට යන්න පැය හතරක් යනවා. නමුත් තව ටික දවසකින් පැයයි විනාඩි 15කින් කොළඹට යන්න පුළුවන්. පොලීසිය ඉන්නවා. ට්රැෆික් පොලිස් එකට රුපියල් 1000 ක් වැඩිපුර ගෙවලා ඕනෙනම් ටිකක් වේලාසනින් එන්න පුළුවන් පැයකින්. ඒකට අපේ කිසි විරෝධයක් නෑ. මොකද මම දඩ මුදල වැඩි කරන්න කියලා ඉන්නෙ" යැයි හෙතෙම සඳහන් කළේය.
එසේම මේ වන විට ශ්රී ලංකාවෙන් 98%කට විදුලිය ලබා දී ඇති බවත්, ඉතිරි 2෴ට මේ මස 31 වැනිදාට කලින් විදුලිය ලබාදීමට උපදෙස් ලබා දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

