මක්කම වාර්ෂික හජ් වන්දනාවේදී තෙරපීමක් හේතුවෙන් පසුගියදා සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් සෞදි අරාබිය සමාවගත යුතු බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල්-ඛමේනි පවසයි.
එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් ඉරාන ජනාධිපති හස්සන් රොයුහානි මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පැවසීමෙන් පසු එරට ආධ්‍යාත්මික නායකයාද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පවසා තිබේ.
කෙසේ වෙතත්, සෞදිය චෝදනා කරන්නේ මෙම ඛේදවාචකය දේශපාලනීකරණය කර ගැනීමට ඉරානය කටයුතු කරන බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය පිරිස මේ වනවිට 769 දක්වා ඉහළ ගොස් තිබේ. මින් පුද්ගලයන් 140ක් ඉරාන ජාතිකයන් බව පැවසෙයි.
වසර 25ක හජ් වන්දනා ඉතිහාසයේ සිදුවූ බරපතලම සිදුවීම මෙය ලෙස සැලකෙයි.