විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා අද සතුටින් ඉන්නවා නේදැයි විදේශ රටවල් තමන්ගෙන් විමසන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.එහිදී ඔහු පැවැසුවේ ඉඟුරු කල්ලිය බොහොම සතුටින් ඉන්න බව ලොකේ හැමදෙනාම කියන බවයි.
“ඉඟුරු කල්ලිය බොහොම සතුටින් ඉන්න බව ලෝකේ හැමදෙනාම කියනවා. මට ළඟදි පිටරටක විදේශ ඇමතිවරයෙක් හමුවුණාම කිව්වා ඔබලාගේ ආණ්ඩුව විතරක් නෙමෙයි විපක්ෂයේ අයත් බොහොම සංතෝෂයෙන් ඉන්නවා නේද කියලා. මට ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා.
නෑ අපි වෙබ් සයිට්වල දැක්කා මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්රීතුමයි, තවත් මන්ත්‍රීවරු පිරිසකුයි නුවර ඉඳලා කොළඹට ඇවිදගෙන එන්නේ සින්දු කිය කිය, නටනට. ඉතින් සුද්දො හිතන්නේ අපේ විපක්ෂය හරි සංතෝෂයෙන් ඉන්නවා කියලයි" යනුවෙන් හෙතෙම පැවසීය.