ADA
www.ada.lk
2025 ජුනි මස 09 වන සඳුදා
සිය අසහාය රාජකීයයාට ගෞරව දැක්වීම සඳහා දහස් ගණන් තායිලන්ත ජනතාව භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහර ගමන්ගත් මාර්ගයේ නිසොල්මන්ව පෙළ ගැසී සිටියහ.
රජතුමා ප්‍රතිකාර ලබමින් සිටි රෝහලේ සිට දේහය රැගත් රිය පෙරහර බැංකොක් අගනගරයේ රාජකීය මාලිගය වෙත ගමන් කිරීම මිලියන ගණනක ජනතාව සජීවීව රූපවාහිනිය ඔස්සේ නැරඹා ඇත.
එහිදී, මග දෙපස සිටි පිරිස් කළු වර්ණයෙන් සැරසී, රජතුමාගේ ඡායාරූප අතින් ගෙන සිය ශෝකය පළ කළ අතර, සියල්ලෝම වඩාත් සන්සුන්ව රජතුමා වෙනුවෙන් සිය අවසන් ගෞරවය පළ කරන්නට විය.
ඔටුන්න හිමිකම් කියන මහා වජිරාලොන්ග්කොර්න් කුමරු හා චක්රී සිරින්ධෝර්න් කුමරියද දේහය සමග රිය පෙරහරේ ගමන් කළ අතර, අද (14දා) සන්ධ්‍යාවේදී ඔටුන්න හිමි කුමරු විසින් රජුගේ ශ්‍රී දේහය නහවා පිරිසුදු කිරීමේ තායිලන්ත පාරම්පරික චාරිත්‍රයද සිදුකළේය.
ඒ අනුව, බැංකොක් නුවර තායිලන්ත රජ මාලිගයේ වූ එමරල්ඩ් බෞද්ධ විහාරයේ රජුගේ ශ්‍රී දේහය තැන්පත් කිරීමට නියමිත අතර, එහිදී, දහස් ගණන් ජනතාවට ඔවුන් දේවත්වයෙන් සලකන භූමිබෝල් අදුල්යාදේජු රජු වෙත අවසන් ගරු බුහුමන් දැක්වීමට අවස්ථාව උදාවන බවද විදෙස් වාර්තා පවසයි.
මෑත ඉතිහාසයේ දීර්ඝ කාලයක් රාජ්‍යත්වය දරමින් සිටි රජු ලෙස, වසර 88ක් ආයු වළඳා භූමිබෝල් රජු ඊයේ (13දා) අභාවප්‍රාප්ත වූයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.
තායිලන්ත අගමැතිවරයා රජුගේ ශ්‍රී දේහය නහවා පිරිසුදු කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්
popular news
රු. ලක්ෂ 40ක් වංචා කළැයි දඩුවම් සහ වන්දි නියමව සිටි විත්තිකරු ජනපති සමාවෙන් නිදහස්
නව ගුවන් යානය සේවයේ යොදවන ගමනාන්ත
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ගයන්ත අතේ පතේ ගා ගත්තේ නෑ, හඳුන්ගෙන් සහතිකයක්
මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනි ගනියි
ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd