භූ තාප විදුලි බලාගාරයක් මෙරට තුළ ප්‍රථමවරට ආරම්භ කිරීමට සැලසුම් දත්ත සිතියම් සකස්කොට ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ පීඨාධිපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා සිටියි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා,
"භූ විද්යාදෙපාර්මේන්තුවේ විද්‍යාඥන් 1990 සිට මෙහි පරේෂණ ආරම්භ කර ඇති අතර 2008 වසරේදී මගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් මෙහි ඉදිරි පරේෂණ පිළිබඳව ගවේෂණ සිතියම් සකස් කරනු ලැබුවා. යුද්ධයෙන් පසුව උතුරු ප්‍රදේශයේදී මෙහි පර්යේෂණ කටයුතු කරගෙන යෑමට හැකි වූ අතර මේ වන විට සාර්ථකව සැලසුම් සකස් කර ඇති තිබෙනවා.
ලොව ඇති භූතාපය පිළිබඳ මූලස්ථානය වන ජර්මනියේ Bochymcmn විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්රැක් රෝෆ් මහතාගේ පර්යේෂණ අනුව එය සනාථ කර තිබෙනවා.
ඉදිරි අප්‍රේල් මාසයේදී මෙහි අවසාන වාර්තාව සකස්කිරීම නියමිතව පවතින අතර ඉන් පසුව පුද්ගලික අංශයේ ආධාර යටතේ මෙය ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. ලොව ලාභදායී තම විදුලි උත්පාදන ක්‍රමය ලෙස භූතාප විදුලි බලාගාර ක්‍රමය පෙන්වා දිය හැකියි.
ත්‍රිකුණාමලයේ සිට පුස්සන්ගොඩ දක්වා ඒ සඳහා සිතියම් ගතකොට ඇති අතර පිලිපීනය, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ඉන්දුනීසියාව, භූතානය, චීනය මෙය ක්‍රමය භාවිත කර සාර්ථකව විදුලිය නිෂ්පාදනය කරගෙන යන රටවල් වශයෙන් පෙන්වා දිය හැකියි.
මේ වනවිට සැලසුම් සකස් කර ඇති නැගෙනහිර දකුණ යන ප්‍රදේශයන්හි පොළොවේ උෂ්ණත්වය මීටර් සියයෙන් සියයට වර්ධනයව ඇති අතර මීටර් 160 උෂ්ණත්වය සෙලසියස් අංශක 200 පවතින අතර මීටර් 600 පොළොව හැරීම සිදුකරනු ලබනවා.අපේ රටේ පවතින විදුලි අර්බුදයට මෙය මහඟු විසඳුමක් ලෙස පෙන්වා දිය හැකි අතර මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ සහ එහි මහාචාර්ය ආචාර්යවරුන්ගේ උත්සාහයේ ප්‍රතිපලයක් බවද සඳහන් කළ හැකියි." යැයි ද පවසා සිටියේය.
පේරාදෙණිය සෙනරත් බණ්ඩාර