මාරවිල මරද ප්‍රදේශයෙ ත්‍රි රෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදරු මවකට කල වෙඩි තැබිමකින් ඇය එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල තුවාල ලැබු ඇගේ වැඩිමහල් දරුවා මාරවිල මහ රෝහලට 22 දින රාත්‍රියේදීම ඇතුලත් කර ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල මරද ප්‍රදේශයෙ පදිංචි එදිරිසිංහ ආරච්චිගේ වසන්ති චතුරානි නෙහොත් සදමාලි නැමති 30 හැවිරිදි දෙදරු මවක් බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වු කාන්තාව කුලි ත්‍රි රෝද රථයක කිසියම් කටයුත්තකට ගොස් ආපසු නිවස කරා තම දස හැවිරිදි පුත්‍රයා සමග එමින් සිටියදි යතුරු පැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එල්ල කල වෙඩි තැබිමකින් බරපතල තුවාල ලබා ත්‍රි රෝද රථය තුලදිම මරණයට පත්ව ඇති බව කියයි.
මෙම කාන්තාවට තැබු වෙඩි පහරින් ඇගේ දස හැවිරිදි පුත්‍රයාටද වැදි ඇති බවත් බරපතල ලෙස තුවාල ලැබු දරුවා මාරවිල මහ රෝහලට ඇතුලත් කර ඇති බව කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මරද ප්‍රදේශයෙ ප්‍රසිද්ධ හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කුඩු මාලි නැමති කාන්තාවගේ වැඩිමල් දියණීය බව කියයි.
මෙම කුඩු මාලි නැමති කාන්තාව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙ වරදකරු වු කාන්තාවක් බවත් අවස්ථා ගනනාවක් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි බවද කියයි.
ඒ සමගම මෙම කුඩු මාලිගේ දියණියන් තිදෙනාම මත්ද්‍රව්‍ය අලේවි කිරීමේ නිරතව වන බවද කියයි.ඝාතනයට ලක්වු කාන්තාවද මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව මැතක නිදහස් වි පැමින ඇති බවත් මව හා දියණියන් තිදෙනා මරද ඇතුළු ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදුකරන බවත් ඒ හේතුවෙන් තරුණ ජීවිත රැසක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි විම් හේතුවෙන් ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වු පවුලක් බවද පැවසෙයි.
එසේම ඝාතනයට ලක්වු කාන්තාවගේ සැමියාද මත්ද්‍රව්‍ය අලේවි කිරීම හා භාවිතා කිරීමේ චෝදනාවට මේ වන විට බන්ධනාගාර ගත ඇති බව කියයි.
මෙම වෙඩි තැබිමට පිස්තෝල වර්ගයෙ ගිනි අවියක් භාවිතා කර ඇති බවත් යතුරු පැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් වෙඩි තැබිම සිදුකර යතුරු පැදියෙන්ම පලා ගොස් ඇති බව පරික්ෂණ මෙහෙය වන මාරවිල පොලිසිය කියයි.
අදාල වෙඩි තැබිම පිළිබදව පොලිස් කණ්ඩායම් කිපයක් අංශ කිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇති බවත් මෙය මත්ද්‍රව්‍ය සම්බන්ධව ඇතිවු ආරවුලක් දුර දිග යාමේන් සිදුවුවක් ද යන්න පොලිසිය සැක පලකරති.


