වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග නව ගිවිසුමකට පැමිණි බව ජපාන අගමැති ෂිගේරු ඉෂිබා තහවුරු කර ඇත.
"අන්‍යෝන්‍ය තීරුබදු මත 25% දක්වා වැඩි කිරීමට නියමිතව තිබූ ජපානයේ තීරුබදු අනුපාතය 15% ක් ලෙස තබා ගන්නා ලදී. මෙය එක්සත් ජනපදය සමඟ වෙළඳ අතිරික්තයක් ඇති රටවල් අතර පනවන ලද තීරුබදු අතර මේ දක්වා අඩුම අගය මෙයයි" ඉෂිබා බදාදා පැවසීය.
ජපන් වාහන සඳහා එක්සත් ජනපද ආනයන බදු 25% සිට 15% දක්වා අඩු කරන බව ඉෂිබා ද තහවුරු කළේය.
ජපානය මේ වන විටත් ඇමෙරිකාව තුළ දැවැන්ත ආයේජන ගණනාවක් කිරිමට එකඟතාව පළකර ඇති අතර බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට එයද ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.
"කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළුව ජපන් පැත්තෙන් තීරුබදු අඩු කිරීමක් ගිවිසුමට ඇතුළත් නොවේ. මෙම වසරේ පෙබරවාරි මාසයේ අපගේ ධවල මන්දිර සමුළුවේදී ජනාධිපති ට්‍රම්ප්ට 'තීරුබදු මත ආයෝජනය' යෝජනා කළ දා සිට මෙය මගේ අඛණ්ඩ පෙනී සිටීමේ සහ එක්සත් ජනපදයට දැඩි ලෙස බලපෑම් කිරීමේ ප්රතිඵලයකි." යැයි ඔහු පැවැසීය.