ලබන වසර සඳහා 07 වසර භූගෝල විද්‍යාව පෙළපොත මුද්‍රණය කිරීමේදී ඒ සඳහා සාමාන්‍ය කඩදාසි වෙනුවට කෘත්‍රිම කඩදාසි යොදාගැනීමෙන් රුපියල් මිලියන 132ක පාඩුවක් වී ඇතැයි ලංකා ගුරු සේවා සංගමය එල්ල කරන චෝදනා පදනම් විරහිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
කැබිනට් මණ්ඩල අනුමැතියත්, තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශත්, ටෙන්ඩර් මණ්ඩල අනුමැතියත් අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස භූගෝල විද්‍යාව පෙළපොත් (සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි මාධ්‍ය) පිටපත් ලක්ෂ 05ක් මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබෙන බවත්, මෙහිදී කිසිදු ටෙන්ඩර් පටිපාටියක් උල්ලංඝනය වී නොමැති බවත් පවසන එම අමාත්‍යාංශය දරුවන්ට වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් පොතක් ලබාදීම සඳහා පමණක් මෙහිදී කටයුතු කර ඇතැයිදසදහන් කරයි.
මෙය නියමු ව්‍යාපෘතියක් පමණක් වන බැවින් මුද්‍රණකරුවන්ට ඉල්ලුම් කිරීමට සමාන ඉඩප්‍රස්තා හිමි වූ බවත්, ලංසු කැඳවීමෙන් පසු ලංසු විවෘත කරන කාලසීමාව තුළ කිසිදු මුද්‍රණ ආයතනයක් ඔවුන්ට මුද්‍රණ කඩදාසි ආනයනය සඳහා කාලය අවශ්‍ය වන බැවින් ඒ කාලය ලබාදෙන ලෙස ඉල්ලමින් කිසිදු ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බවත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
සාමාන්‍ය කඩදාසියේ පෙළපොත් මුද්‍රණයට වඩා කෘත්‍රිම කඩදාසියේ මුද්‍රණ වියදම් ඉහළ මට්ටමක පවතින බව සත්‍යයක් වුවද,පෙළපොත් නිෂ්පාදනය සඳහා දළ වශයෙන් වාර්ෂික නිෂ්පාදන වියදම වැඩිවීම සිදුවනුයේ 12%කින්පමණක් බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
.