භාෂා පන්තියට මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය පහළ මට්ටමක
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වෙන භාෂා පන්ති වෙත අවශ්‍ය සියලු පහසුකම් ලබා දී තිබුණද ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය අඛණ්ඩව පහළ මට්ටමක පවතින බවට වාර්තා වේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම පාර්ලිමේන්තුව තුළ අදාළ පන්ති පැවැත්වුණද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් ඒ සඳහා සහභාගි වනු දක්නට ලැබෙන බවයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් 'අද කළ විමසීමේදී ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පෙන්වා දුන්නේ 'සහෝදර භාෂාවන්' ඉගෙනගන්නා ලෙසට සාමාන්‍ය ජනතාව වෙත ගොස් උපදෙස් ලබාදීමෙන් පමණක් රට තුළ ජාතික සංහිඳියාවක් ඇති නොවන බවයි.
සැබෑ ලෙස ජාතික සංහිඳියාවක් ඇති වීමට නම් ප්‍රථමයෙන් ජනතා නියෝජිතයන් සිය සහෝදර භාෂා උගත යුතු බවත්, ඒ අනුව, මෙම කාරණයේදී තමන් ආදර්ශයට ගන්නා ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

