බෙන්තොට සංචාරක පුරවරයේ පිහිටි විදේශීය මුදල් මධ්‍යස්ථානයකට අද (23දා) දහවල් ආයුධ සන්නද්ධව යතුරු පැදිවලින් කඩා වැදුණු පුද්ගලයින් දෙදෙනෙක් එම ආයතනයේ මුදල් භාරකරු බිය ගන්වා ආයතනයේ සේප්පුවේ හා ලාච්චුවල තිබූ රුපියල් විසි ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් විදේශීය හා දේශීය මුදල් තොගයක් මංකොල්ල කා පලා ගොස් ඇත.
මොවුන් දෙදෙනා සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැලඳ මංකොල්ලය සිදුකර පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුවන්ගෙන් අයෙක් ළඟ අත් බෝම්බයක් හා අනෙක් පුද්ගලයා සතුව පිස්තෝලයක් තිබූ බවත් ඔවුන් තමාට තර්ජනය කොට බිය ගන්වා මංකොල්ලය සිදු කළ බව ආයතන හිමිකරු පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
බෙන්තොට පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
චතුරිකා ජයරත්න