බුරුකාවකින් සැරසී රුපියල් හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා නිම නොකළ රන් ආභරණ සහ රන් කැබලි සගවාගෙන බංගලිදේශය බලා යාමට පැමිණි කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද (29දා) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය. සැකකාරිය කුලියාපිටිය ප්‍රදේශයේ පදංචි 39 හැවිරිදි කාන්තාවකි.
අත් අඩංගුවට ගනු ලැබු රන් බර කිලෝ එකයි ග්‍රෑම් දෙසිය අසූ එකකි. ඝනකම රන් මාළයක්, අත් පළදනාවක් සහ රන් බිස්කට් දෙකක් ඇය මෙලෙස සගවාගෙන යාමට උත්සහ කර තිබුණි. බුුරුකාව ඇතුලේ මෙම රන් සගවා තිබු බව රේගුව කියයි.