බුදුරුව පච්චයක් ලෙස සිතුවම් කළ කතට වන්දි ගෙවීමට නියම වෙයි
බුදුරුව සහිත පච්චයක් කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම හේතුවෙන් ඇයට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 2014 වසරේදී එංගන්ත ජාතික හෙදියක් වූ නයෝමි කෝල්මෙන් නම් ශ්‍රී ලකාවේ සංචාරයට පැමිණි එංගලන්ත ජාතික කාන්තාවක් මෙසේ රටින් පිටුවහල් කළේය.
ඇයගේ වන්දි හා නඩුගාස්තු ලෙස රුපියල් ලක්ෂ අටක මුදලක් ගෙවන ලෙස ඇය අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට කටයුතු කළ පොලිසි නිලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ අනුව එක් පොලිස් නිලධාරියෙකුට රුපියල් 50000 බැගින් වන්දි ගෙවීමට නියම වී ඇත.
කටුනායක ගුවන්තොටුපොළේදී ඇය අත්අඩංගුවට ගැණුන අතර ඇයගේ ඇතේ තිබූ පච්චය ශ්‍රී ලංකාවේ ජනතාව කුපිත විය හැකි බව සඳහන් කරමින් ඇයව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර තිබුණි.
කෝල්මන් සඳහන් කර තිබුණේ තමන් බෞද්ධයෙකු හෙයින් බුදුන්ගේ රුව සිය බාහුවේ පච්චයක් ලෙස කොටාගත් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

