බුද්ධිමය දේපළ කොල්ලය නැවැත්වීම සඳහා දැනට තිඛෙන නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සහ එම නීති රීතිවල අඩුපාඩු පවතින්නේ නම් නව නීති සම්පාදනය කිරීමට කඩිනම් පියවර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දි තිබේ.
ඊයේ (09දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කලාකරුවන් සහ අදාළ නිළධාරින් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත.
කර්තෘ භාගය ගෙවීම සහ ප්‍රකාශන හිමිකම ආරක්ෂා කිරීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ගුණාත්මක මාධ්‍යකරණයක් සහ අසභ්‍ය නිර්මාණවලින් සමාජයට සිදුවන හානිය වැළැක්වීමට ගතයුතු පියවරයන් පිළිබඳව මෙහිදී අදහස් හා යෝජනාද ඉදිරිපත්ව තිබේ.
