බියර් මිල අඩුකිරීම වෙනුවට ගල් අරක්කු බෝතලයක මිල අඩුකර දුප්පත් ජනතාව වෙනුවෙන් සහනයක් සලසා දෙන ලෙස කම්කරු හා වෘත්තිය සමිති සබදතා ඇමති ඩබ්ලිව්.ඩි.ජේ. සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදි මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කීවේය. බියර් කෑනයක බදු අඩු කිරිමෙන් නීතීවිරෝධි මත්පැන් භාවිතය වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
“බියර් මිල අඩුකළා කියලා කසිප්පු බොන එක නවත්වන්න බැහැ. ඒනිසා ගල් අරක්කු බෝතලයක බදු අඩු කරලා සාමාන්‍ය දුප්පත් ජනතාවට සහනයක් ලබා දෙන්න කියලා මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලනවා. කුලි වැඩ කරන මිනිහා, පතල් වැඩ කරන මිනිහා, වතුවල කම්කරුවා හවසට අඩියක් ගහන එක තමන්ගේ දෛනික ජිවිතයේ ප්‍රධාන ක්‍රියාකාරකමක් බවට පත්ව තිබෙන්නේ. අරක්කු බොන එක ප්‍රවර්ධනය කිරිමට මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.
මොන ප්‍රතිපත්ති ගෙනාවත්, මිනිස්සුන්ගේ ඔළු හදන වැඩිසටහන් ගෙනාවත් බොන මිනිහා බොනවා. බියර්වලට පනවා ඇති බදු අඩු කිරිම හොදයි. නමුත් අපේ ගම්වල සාමාන්‍ය කුලී වැඩ කරන අය, වතු කම්කරුවෝ, පතල්වල වැඩකරන අය දුප්පත් ජනතාව වැඩියෙන් පානය කරන්නේ බියර් නොවෙයි ගල් අරක්කුයි. ගල් අරක්කු මිල දැන් විශාල ලෙස ඉහල ගිහිල්ලා ඒ නිසා දුප්පත් ජනතාව කසිප්පු ඇතුළු විෂ මත්පැන් වර්ගවලට යොමුවිමේ ප්‍රවණාතවය වැඩි වෙලා.
ඒක නිසා මම මුදල් ඇමතිවරයාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා සාමාන්‍ය දුප්පත් ජනතාවගේ ගල් අරක්කු බෝතලයෙන් බදු අඩු කරලා මේ ජනතාවට සහන දෙන්න කියලා. ඔබතුමාට අවශ්‍ය නම් විස්කි, බ්‍රැන්ඩිවල බදු තව වැඩිකළත් කමක් නෑ” යැයි අමාත්‍යවරයා කීවේය.