බැඳුම්කර වෙන්දේසි 2කදී අඩු ලංසු ඉදිරිපත් කරන්න රවි කියලා
මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකුවල ප්‍රධානීහු බැඳුම්කර කොමිසම හමුවේ අද (04දා) හෙළි කළහ.
රාජ්‍ය බැංකු තුනෙහි ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශයට කැඳවා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන් බව පැවසූ ඔවුහු, රවි කරුණානායක මහතාගේ මෙම දැනුම්දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්යබැංකුවලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව ගිය බවත්, රාජ්‍ය බැංකුවලට විශාල පාඩු සිදුවූ බවත් වැඩිදුරටත් දැනුම් දුන්හ.
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළ බැංකු තුනෙහි සම්බන්ධතාවන් පිළිබඳ සාක්ෂි ලබාගැනීම සඳහා බැඳුම්කර කොමිසම හමුවට කැඳවූ ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා, සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු මෙන්ම එම බැංකු තුනෙහි නිලධාරීහු මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී හිටපු මුදල් අමාත්යරවි කරුණානායක මහතාගේ මැදිහත්වීම් හෙළි කළහ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



















