බැඳුම්කර චෝදනා ඇති 10දෙනෙක් අපරාධ අධිකරණයට?
රුපියල් කෝටි 1500කට අධික පාඩුවක් සිදු වූ බවට සැලකෙන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහා බැංකුවේ හිටපු අධිපතිවරයා ඇතුළු පුද්ගලයන් දස දෙනෙකුට පමණ අපරාධ අධිකරණයක් හමුවේ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇති බවට වාර්තාවේ.
බැඳුම්කර කොමිසම හමුවේ මේ වනවිට ඉදිරිපත් වී ඇති සාක්ෂි විශේලේෂණය කිරීමේදී කොමිසමේ ඇඟිල්ල දිගුවන පුද්ගලයන්ට එරෙහිව මෙලෙස චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.
මහ බැංකුවේ හිටපු අධිපතිවරයා, මෙම වංචනික කටයුත්ත සඳහා ඔහුට සහාය පළකළ මහ බැංකුවේ නිලධාරීන් පිරිස, වංචනික අන්දමට ලංසු ඉදිරිපත් කළ සේවක අර්ථ සාධක අරමුදලේ ආයතනවල නිලධාරී පිරිස ඇතුළු දස දෙනෙකුට අධික පිරිසකට අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ බව කියන ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් ක්ෂණික මෙන්ම දීර්ඝ කාලීන පාඩු අත්විඳීමට රජයට සිදුවී ඇති බව බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දුන් මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දුන් අතරම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙන්ම සමාගම් සමූහයට අයත් සමාගම් පසුගිය කාලය තුළ රුපියල් කෝටි 1100කට අධික ලාබ උපයා ඇති බව කොමිසමේදී හෙළිවිය.
බැඳුම්කර ගනුදෙනු සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි රාජ්‍ය ආයතන බැඳුම්කර වෙන්දේසිවලදී ලංසු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඒ සඳහා ඉතා වාසි සහගත ලංසු ඉදිරිපත් කොට ඒ ලබාගැනීම හා එලෙස මිලදීගත් ලංසු පසු අවස්ථාවලදී ද්විතීයික වෙළෙඳ පොළේදී වැඩි මිලගණන්වලට නැවත රාජ්‍ය ආයතනවලටම විකිණීම මගින් අදාළ සමාගම ලාභ උපයා ඇති බවද කොමිසමේදී හෙළිවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

