බැඳුම්කර ගනුදෙනුවලින් සියයට 90ක්ම ලාභ ලැබුවේ බෑණාට අයත් සමාගමයි
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදු වූ වසරක කාලය තුළදී සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් 90%ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (10දා) පිළිගත්තේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වූබැඳුම්කර වෙන්දේසිවලදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් පිළිගත්තේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
කොමිසමට සහය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙම කරුණු පිළිගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


