බැඳුම්කර ගනුදෙනුව නිසා මාස 14ක් ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට ඇතිව තිබෙන පාඩුව රුපියල් කෝටි 1490 ක් බව ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක මහතා අද (25දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා එසේ පවසා සිටියේය. මේ පරීක්ෂණය බැඳුම්කර ගනුදෙනු හරහා සිදුවූ අක්රමිකතා මැන බැලීමේ නියැදි පරීක්ෂණයක් බවද ඔහු පැවසීය.
බැඳුම්කර මිලදී ගන්නා අනිත් සමාගම් 30% වත්කම් වර්ධනය කර ගනිද්දී පර්පෙචුවල් සමාගමේ වත්කම් 1853 % කින් වැඩි කරගෙන ඇති බවත් මේ කාලයේ මිලියන 13,000 ක ලාබයක් එම සමාගමට ලැබී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්රකාශකර සිටියේය.