මත භේදයට තුඩු දී ඇති භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනපති කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (25දා) නිකුත් කිරිමට නියමිත බව වාර්තා වෙයි. කොමිසමේ කාලය ජුලි මස 27 දා සිට ඔක්තෝබර් 27 දා තෙක් දීර්ඝ කිරීම මේ හරහා සිදුවෙනු ඇත.