බැංකු සභාපතිවරු තිදෙනෙක් අද බැඳුම්කර කොමිසම හමුවට
ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා අද (04දා) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාළ බැංකු තුනේ සම්බන්ධතාවන් පිළිබඳ සාක්ෂි ලබාගැනීම සඳහා අදාළ බැංකු තුනේ සභාපතිවරුන් තිදෙනා මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.
මෙලෙස කොමිසම හමුවට කැඳවා ඇත්තේ ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වාසහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ය.
අදාළ බැංකු තුනේ සභාපතිවරුන් මෙලෙස කොමිසම හමුවට කැඳවීම නිසා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම වෙනත් දිනයකට කල් දැමීමට කොමිසම පියවර ගත්තේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


