දිවිනැගුම බැංකු සංවර්ධන ගොඩනැගිල්ලක වහළය මතට නැගි විරෝධතා දැක්වු 5 දෙනෙකු අද (11 දා) පෙරවරුවේ අරණායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබත්ගම පල්ලේභාගයේ එච්.පි. ෂෙල්ටන්, එළගිපිටියේ එඩි. ඒ . සාගර මනොජ්, ටි.ජි. ලසන්ත මධුසංක, එන්.පි. දිනුෂ සඳරුවන් හා ටි.එම්. කමල් තෙන්නකොන් යන අයවලුන්ය.
අරණායක ප්‍රදේශයේ සුභ සාධන මධ්‍යස්ථාන වල රඳවා සිටි නාය යෑමේ අවදානම් කලාප වැසියන් යළි වාසස්ථාන වලට යොමු කිරිමට විරෝධය පළ කරමින් ඉකුත් 9දා අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදි සිටින අතරවාරයේදී ඔවුන් දිවිනැගුම බැංකු සංවර්ධන ගොඩනැගිල්ලට නැගී විරෝධයක නිරතවිය.
සමන් විජය බණ්ඩාර